Saturday, April 26, 2025

General line - 0115112241

සියලු දෙනාගේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයෙකු කථානායක ධූරයට පත් කල යුතු බව ශාන්ත බණ්ඩාර කියයි



හිස් වූ කථානායක ධූරයට නව කථානායකවරයෙකු පත් කිරීමේදී සියලු දෙනාගේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයෙකු පත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටිනවා.


සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු තෝරා ගැනීමේදී මුහුණ පෑමට සිදු වූ ගැටළු සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අදහස් පළ කළා. 


දේශපාලන අත පෙවීමකින් තොරව ඉදිරියේදී ජනතාවට ව්‍යාපර කටයුතු සිදු කිරීමට හැකියාවක් පවතින බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කොළඹ පැවති වැඩිසටහනට එක්වෙමින් කියා සිටියේ.


පවතින තාක්ෂණික ක්‍රමවේදයන්වලට අනුව රටේ අධ්‍යාපන ක්‍රමයත් වෙනස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.