Tuesday, March 11, 2025

General line - 0115112241

ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමේ තීරණයක්



පවතින ලුණු හිඟය පියවා ගැනීම සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ

එළඹෙන ජනවාරි 31වන දිනට පෙර මෙම ලුණු ආනයනය කිරීමට තීරණය කර ඇති බවයි. 


මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ පෙර පාසල් දරුවන් සඳහා දෛනිකව ආහාර ලබා දීමට වෙන් කළ මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 


අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය හිමි වූ බවයි. 


කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වූ කැබිනට් තීරණ දැනුම් දීමේ තවත් තොරතුරු නෙත් නිවුස් ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.