ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුව පෙරවරු 11ට ආරම්භ වුණා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම එම හමුවේදී සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
අදාළ සාකච්ඡාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සහභාගී වී සිටින බවයි වාර්තා වුණේ.
එමෙන්ම තවත් පක්ෂ කිහිපයක නියෝජිතයින්ද එම සාකච්ඡාවට සහභාගී වී සිටිනවා.