Monday, March 10, 2025

General line - 0115112241

හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකු මරුට - 30කට තුවාල

රංජිත් රාජපක්ෂ



හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී එහි ගමන්ගත් මගීත් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඔවුන් ඇතුළත් කර ඇත්තේ දික්ඔය සහ වටවල රෝහල් වෙතයි. 

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.