Sunday, March 9, 2025

General line - 0115112241

අපිරිසිදු ආහාර අලෙවි කළ අපනශාලාවක හිමිකරු අත්අඩංගුවට

ජයන්ත වීරසේකර



තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ දුරගමන් සේවා බස් රථවල මගීන් ආහාරපාන ලබා ගන්නා අපනශාලාවක හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම ආපනශාලාව පරික්ෂා කළ අවස්ථාවේදීයි. අලෙවි කිරීම සඳහා එහි අපිරිසිදු ලෙස ආහාර නිෂ්පාදනය කර තිබූ බවයි පොලිසිය පැවසුවේ. 

එමෙන්ම  ආපනශාලාව පිටුපස ඉතාමත්ම අපිරිසිදු ආකාරයෙන් කැලිකසල බැහැර කර තිබූ බවද පොලිසිය සඳහන් කළා

මේ සම්බන්ධයෙන් වැල්ලවාය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවස්ථා කිහිපයකදී පැමිණිලි කලද ඔවුන් විසින් එම ආපනශාලාවට එරෙහිව කිසිදු නීතිමය කටයුත්තක් සිදුකර නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඒ අනුව තණමල්විල පොලිසිය විසින් එම ආපනශාලාව පරික්ෂා කිරීමෙන් අනතුරුව එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකාර ආපනශාලා හිමිකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.