Tuesday, March 4, 2025

General line - 0115112241

යෝෂිත තවමත් CIDයේ



අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. 

එම දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව යෝෂිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එහි පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඒ,  කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. 

එම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා.