“ජෙම් ශ්‍රී ලංකා - 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බෙන්තොටදී අද ආරම්භ වුණා.
චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය ලබන 10 වනදා දක්වා පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එම ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්‍ෂණයටද එක්වූ අතර, මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරතව තිබෙනවා.
මෙවර “ජෙම් ශ්‍රී ලංකා - 2025” ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 103 කින් සමන්විත අතර ඒ සඳහා දෙස් විදෙස් ගැනුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්.