Tuesday, April 22, 2025

General line - 0115112241

අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් මැදවච්චියේදී පොලිස් භාරයට

සජිත් ගයාන්



පූනෑව පොලිසියේ අණ නොතකා මැදවච්චිය දෙසට ධාවනය කළ ලොරි රථයක් මැදවච්චිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් නවත්වා පරික්ෂාවට ලක්කර තිබෙනවා. 

එහිදී ලොරි රථයේ සිටි හිංසාකාරී ලෙස පැටවූ එළගවයින් 22ක් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

සැකකාර රියදුරු සහ රිය සහයක මැදවච්චිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර ප්‍රදේශයේ පදිංචි 21 සහ 23 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්. 

පූනෑව පොලිසිය විසින් අදාළ ලොරි රථය නවතා පරික්ෂා කිරීමට උත්සහ දරා ඇති අතර රියදුරු පොලිස් අණ නොතකා එම ලොරි රථය මැදවච්චිය දෙසට ධාවනය කර තිබෙනවා.

 විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම ගවයින් යාපනය, මල්ලාවි ප්‍රදේශයේ සිට වැලිසර ප්‍රදේශයට මාංශ සඳහා ප්‍රවාහණය කර ඇති බවයි. 

අදාළ ලොරි රථය මැදවච්චිය පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඓහි සිටි එළගවයින් ආරක්ෂිතව නිදහස් කර තිබෙනවා.