දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ මෙන්ම රාත්‍රී කාලයේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසිද ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සම්බන්දයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.
මේ අතර, වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය වන ප්‍රධාන ජලාශ 73න් ජලාශ 48ක් තවදුරටත් වාන් දමන බව එම දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග අධ්‍යක්‍ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පැවසුවා.