Thursday, April 10, 2025

General line - 0115112241

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්



කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා. දැනට ඉදිකිරීම් නවතා දමා ඇති අදාළ ගොඩනැගිල්ලේ ඉහළ මහල් කිහිපයක මෙලෙස ගින්න පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ වන විට ගිනිනිවීමේ රථ හතරක් යොදවා හටගත් ගින්න පාලනය කර ඇති බවයි ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.