ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු කැබිතිගොල්ලෑව මංසන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මැදවච්චිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
සැකකරුවන් සන්තකයේ තිබී ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 1,369ක් සොයාගෙන තිබෙනවා.
ඔවුන් ඇටවීරගොල්ලෑව හා කිරිඉබ්බන්වැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් එම මත්ගුලි උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවිකර ඇති බවයි මැදවච්චිය පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.