Monday, February 24, 2025

General line - 0115112241

පැයක විදුලි කප්පාදුවකින් ආර්ථිකයට විය හැකි බලපෑම ගැන ආර්ථික විශ්ලේෂකයෙකුගෙන් අනාවරණයක්



රටක විදුලි පද්ධතිය අස්ථාවර වීම හේතුවෙන් ආර්ථිකයට මෙන්ම සමාජයට ද එය අහිතකර බලපෑම් එල්ල කරන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. 

පැයක විදුලි කප්පාදුවක් හේතුවෙන් විදුලිබල මණ්ඩලයට පමණක් රුපියල් මිලියන හැටනවයක පමණ ආදායමක් අහිමි වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

විදුලි කප්පාදුව හේතුවෙන් කාර්මික හා සේවා අංශයේ ක්‍රියාකාරීත්වයට ඇති කළ හැකි බලපෑම් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු පැහැදිළි කෙරුණා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.