ගාල්ල බන්ධනාගාරයට තහනම් භාණ්ඩ සහිත පාර්සල් විසි කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් බන්ධනාගාර නිලධාරීන් විසින් අනාවරණ කර ගෙන තිබෙනවා.
ජංගම දුරකතන, සිම් පත් සහ දුම්කොල ආදී තහනම් ද්‍රව්‍ය පාර්සල් කර බන්ධනාගාර පරිශ්‍රයට පිටතින් විසි කරන බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
ගාල්ල දුම්රිය ස්ථානයේ සිට සහ බන්ධනාගාර මාවත ඔස්සේ එම පාර්සල් විසි කරන බව බන්ධනාගාර නිලධාරින් විසින් අනාවරණ කරගෙන තිබෙනවා.
වැඩි වශයෙන් පාර්සල් විසි කරනු ලබන්නේ ගාල්ල දුම්රිය ස්ථානයේ සිට බව බන්ධනාගාර ආරංචි පැවසුවා.
අලුයම 03.30ත් පෙරවරු 06.30ත් සහ පස්වරු 05.30ත් රාත්‍රී 08.30ත් අතර කාලය තුළ එම තහනම් භාණ්ඩ සහිත පාර්සල් බන්ධනාගාර පරිශ්‍රය තුළට විසි කරන බවයි පැවසෙන්නේ.
දුම්රියක් ධාවනය කිරීමට සූදානම් වන අවස්ථාවේ එම තහනම් භාණ්ඩ සහිත පාර්සල් බන්ධනාගාර පරිශ්‍රයට විසි කර අදාළ පුද්ගලයන් දුම්රියේ ගමන් කරන බවද වාර්තා වුණා.
පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ එලෙස විසි කරන ලද පාර්සල් 25ක් පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
එලෙස විසිකරන තහනම් ද්‍රව්‍ය සහිත පාර්සල් සිය භාරයට ගැනීම සදහා නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාර පරිශ්‍රය තුළ රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.