අමෙරිකාවට ආනයනය කෙරෙන වානේ සහ ඇලුමිනියම් සඳහා සියයට 25ක ආනයන බද්දක් පැනවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළ නියෝගයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකාවට අවශ්‍ය වානේ සහ ඇලුමිනියම්වලින් වැඩි ප්‍රමාණයක් කැනඩාව, ජර්මනිය, චීනය සහ දකුණු කොරියාව වැනි රටවලින් ආනයන කෙරෙනවා.
නව ආනයන බද්ද පනවමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අමෙරිකාවට අවශ්‍ය වානේ සහ ඇලුමිනියම් සිය රට තුළම නිෂ්පාදනය කිරීම අවශ්‍ය බවයි.
එය අමෙරිකාව නැවත පොහොසත් කිරීමේ ආරම්භයක් ලෙසයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
අමෙරිකානු ජනාධිපති ධූරයට නැවත පත් වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් ගණනාවකින් ආනයන කෙරෙන භාණ්ඩ සඳහා විවිධ බදු පනවනු ලැබුවා.