ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා ගමන්ගත් මෝටර් රථයේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
ඒ, කොස්වත්ත, හාල්දඬුවන ප්‍රදේශයේදීයි.
පොලීසිය පැවසුවේ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් සිටියදී එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරට හේතුව මන්ත්‍රීවරයා ගමන්ගත් මෝටර්රථයේ රියදුරුට නින්දයාම බව හෙළිවී තිබෙනවා.
අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියක ගමන්ගත් වෙන්නප්පුව, පතහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා ගමන්ගත් මෝටර් රථයේ රියදුරා කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.