Wednesday, March 26, 2025

General line - 0115112241

පාප් වහන්සේ රෝහල්ගත කෙරේ



ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා. 

බ්‍රොන්කයිට්ස් නම් රෝගය වැළඳීම හේතුවෙන් වැඩිදුර පරික්‍ෂණ කටයුතු සඳහා පාප් වහන්සේ එලෙස රෝහල්ගත කර ඇති බවයි වතිකානුව නිවේදනය කළේ. 

එම රෝගය වැළඳීම හේතුවෙන් 2023 වසරේදීද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගීවීමට තිබූ ඩුබායි සංචාරයද අවලංගු කෙරුණා. 

එමෙන්ම පසුගිය වසර දෙක තුළ පාප් වහන්සේ කිහිපවරක්ම ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා.