Wednesday, March 26, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීවගේ ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ්  



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා 

ඒ වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරුව කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහනය කළ රියදුරුසහ අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත්කළ අතර, එහිදී ඔවුන් මාර්තු 7වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර තිබෙනවා 

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා