Tuesday, March 25, 2025

General line - 0115112241

ශූරයින්ගේ කුසලානයේ එංගලන්තය සමග පැවති තරගයේ ජය ඕස්ට්‍රේලියාවට



අයි සී සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 05කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

පාකිස්තානයේ ලාහෝර්හීදී පැවැත් වුණු තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියා. 

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් පමණක් දැවී ලකුණු 351ක් රැස්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ඩකට් පන්දු 143කදී ලකුණු 165ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 17ක් ඇතුළත් වුණා.

ජෝ රූට් ලකුණු 68යි.

කෙසේවෙතත් සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 24 සීමාව පසුකර යෑමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී බෙන්ජමින් ජේම්ස් කඩුලු 03ක් බිඳ හෙලුවා.

ජයග්‍රාහී ලකුණු 352ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 03ක් අවසානයේ සිය ඉලක්කය සපුරා ගත්තා.

ඒ, කඩුලු 05ක් දැවී ලකුණු 356ක් රැස් කරමින්.  

මේ අතර දෙරට අතර පැවති එම තරගයේ තෙවන විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන කටයුතු කළා.