තමන්ට මෙතෙක් හිමිවූ සියයට තුනක වට්ටම් මුදල අහෝසි කිරීමට ඛනිජ තෙල් සංස්ථාව ගෙන ඇති තීරණය හකුලා නොගන්නේ නම් රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
ඛනිජ තෙල් සංස්ථාව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එම සංගමය ඛනිජ තෙල් ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේ රෝහල් ඇතුළු රාජ්‍ය ආයතනවලට පසුව මුදල් ලබා ගැනීමේ පදනම මත ඉන්ධන සැපයීමද අත්හිටුවීමට සිය සංගමය තීරණය කර ඇති බවයි.
කෙසේවෙතත් කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව අනවශ්‍ය ආකාරයට කලබල නොවන ලෙසයි එම සංස්ථාව පාරිභෝගිකයන්ට දැනුම්දුන්නේ.
මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් සමග ඉදිරියේදී සාකච්ඡා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා මහතා පැවසුවා.
මේ අතර මාසික ඉන්ධන මිල සංශෝධනයට අදාළව මෙම මස තුළ ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා.
ඒ අනුව සෙසු සමාගම්ද පැවසුවේ මාර්තු මාසයේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.