විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සඳහා සිව්වන වාරිකය අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, එම අරමුදල ඊයේ රැස්වූ අවස්ථාවේදී තෙවන සමාලෝචනයට අනුමැතිය ලබා දීම හේතුවෙන්.
ඒ අනුව එලෙස අනුමත කර ඇති ණය වාරිකය අමෙරිකානු ඩොලර් මිලියන 344 ක්.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පසු අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගනු ලැබුවා.
මාස 48 ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති සම්පූර්ණ ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.34ක් වනවා.