Saturday, March 1, 2025

General line - 0115112241

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වැසේ



යාල ජාතික වනෝද්‍යානය අද සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය දින දෙක තුළ ඇදහැළුණු මහවැසි හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවයි.

එමෙන්ම වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් තිබෙනවා.

තවත් බොහෝ වැව් මේ වන විට පවතින්නේ පිටාර මට්ටමේ බවයි වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්  අද සිට වැසි තත්ත්වය පහව යන තෙක් යාල ජාතික වනෝද්‍යානය තබන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.