Monday, March 3, 2025

General line - 0115112241

අධිකරණ අමාත්‍යංශයේ සමස්ත කාර්ය මණ්ඩල හිඟය 6,000 පනී



අධිකරණ සහ අධිකරණ අමාත්‍යංශයට අයත් සියලු රාජ්‍ය ආයතනවල පවතින සම්පූර්ණ කාර්ය මණ්ඩල හිඟය 6,026ක් වන බව විෂයභාර අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

එමෙන්ම අධිකරණ විනිසුරුවරුන්ගේ  පුරප්පාඩු 75ක් වන බවද අමාත්‍යවරයා පැවසුවා. 


නඩු ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා පූර්ව නඩු විභාග අධිකරණ පිහිටුවීමට පියවර ගන්නා බවද  අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවා.


අයවැය කාරක සභා අවස්ථාවේ තුන්වන දිනය වූ ඊයේ දිනයේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශිර්ෂය ඊයේ දිනයේ විවාදයට ගැණුනා.

මේ, එම විවාදයට එක් වූ සමගි ජන බගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.