Monday, March 3, 2025

General line - 0115112241

අණ නොතකා ධාවනය කළ ටිපර් රථකට පොලිසියෙන් වෙඩි 



පොලිස් අණ නොතකා ධාවනය කළ වැලි ටිපර් රථයකට පොලිසියෙන් වෙඩි තබා තිබෙනවා.

ඒ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී.

කොඩිකාමම් දෙස සිට පේදුරු තුඩුව දෙසට වැලි ටිපර් රථයකින් ගංජා ප්‍රවාහනය කරන බවට පේදුරු තුඩුව පොලිස් ස්ථානයට  ලැබූ තොරතුරක් මත 
පේදුරු තුඩුව පොලිස් වසමේ කැටේ හන්දිය ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා සැකකටයුතු ටිපර් රථයක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට සංඥා කර තිබෙනවා 

එහිදී එම ටිපර් රථය අණ නොතකා පලා ගොස් ඇති අතර පලා යමින් සිටි මෙම ටිපර් රථය ලුහු බැඳ ගොස් වැල්වැටිතුර පොලිස් වසමේදී ටිපර් රථයට වෙඩි තැබූ බවයි පේදුරු තුඩුව පොලිසිය සඳහන් කර සිටියේ 

එම අවස්ථාවේදී ටිපර් රථයේ රියදුරු සහ රිය සහයකයා පලා ගොස් ඇති අතර ටිපර් රථය පරීක්ෂා කිරීමේදී සැකකරුවන් සිටි ඉදිරිපස කොටසේ ගංජා විසිරී තිබෙන බවට නිරීක්ෂණය වී තිබෙනවා 

අනතුරුව පේදුරු තුඩුව මන්දිගායි රෝහලට වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ඇතුලත් කර ඇති බවට ලද පණිවිඩයක් මත සිදු කළ සොයා බැලීමේදී  පලා ගිය පුද්ගලයා ඉහත ටිපර් රථයේ රිය සහයක වශයෙන් සිට පලා ගිය පුද්ගලයා බවට අනාවරණය වූ බවයි පේදුරු තුඩුව පොලිසිය සඳහන් කර සිටියේ 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19 ක් වන ධර්ම පුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් විසින් බලපත්‍ර නොමැතිව මෙම වැලි ප්‍රවාහනය කර ඇති බවටද දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පේදුරු තුඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.