Wednesday, April 2, 2025

General line - 0115112241

අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට



රුපියල් තිස්දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලීම සහ එයට අනුබල දීම යන චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.    

ඒ, ගල්ල්නෑව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.

ගල්නෑව පොලිස් ස්ථානය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙක්.

පැමිණිලිකරු මිලදී ගන්නා ලද ගොයම් කපන යන්ත්‍රය මිලදී ගන්නා ලද පුද්ගලයාගේ නොවන බව පවසා එයට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සමථයක් කර, එම යන්ත්‍රය මිලදී ගත් මුදල නැවත ලබා ගැනීමට අවශ්‍යය කටයුතු කර දීමටත්, පරණ යකඩ ව්‍යාපාරය කරදරයකින් තොරව ඉදිරියට කර ගෙන යාමට අවස්ථාව සලසා දීම සඳහා රුපියල් 30,000ක අල්ලස් මුදලක් තුටු පඬුරක් ලෙස ඉල්ලීම සහ එම මුදල තුටු පඬුරක් ලෙස ඉල්ලීමට ආධාර අනුබල දීම හා එම මුදල් ලබා ගැනීමට සහාය වීම යන අල්ලස් චෝදනා මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.