Monday, March 3, 2025

General line - 0115112241

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට බදු පැනවීමෙන් ඩොලර් ආදායම් අහිමි වන බව වජිර කියයි



තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් බදු පැනවීමත් සමඟ ශ්‍රී ලංකාවට ලැබිය යුතු ඩොලර් ආදායම් අහිමි වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

මේ හේතුවෙන් තරුණ තරුණියන්ගේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා සම්බන්ධ රැකියාවලට ගැටළුවක් මතුවන බවයි වජිර අබේවර්ධන මහතා පැවසුවේ.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.