Monday, March 3, 2025

General line - 0115112241

“මොරටු රන් සටන” ජය පරාජයෙන් තොරව අවසන්



මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමාර විදුහල අතර 75 වන වරට පැවති “මොරටු රන් සටන” ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තෙදිනක් පුරා එම තරගය පැවැත් වුණේ මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

පළමුව පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහල පළමු ඉනිම සදඟා සියලු දෙනා දැවී ලකුණු 161ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 208ක් රැස් කිරීමට සමත් වුණා.

යළිත් දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 47ක් පසුපසින් සිටි වේල්ස් කුමර විදුහලයි.

තරගයේ තෙවන දිනය වූ අද දිනය අවසන් වනවිට ඔවුන් කඩුලු 06ක් දැවී ලකුණු 157ක් රැස්කළා.

ඒ අනුව “මොරටු රන් සටන” ජය පරාජයකින් තොරව අවසන් වූ 66වන අවස්ථාව මෙයයි.