Monday, March 3, 2025

General line - 0115112241

පුංචි ඡන්දයට දින නියම කෙරෙන ගැසට් පත්‍රය මෙම සතියේ - පැෆ්රල් විශ්වාසයෙන්



පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් මෙම සතිය ඇතුළත ප්‍රකාශයට පත් කරනු ඇතැයි විශ්වාස කළ හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ බොහෝදුරට වෙසක් පොසොයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සම්භාවිතාවයක් පවතින බවයි.

ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ කටයුතු සඳහා පැෆ්රල් සංවිධානය මේ වන විටත් වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.