Wednesday, April 2, 2025

General line - 0115112241

කර්මාන්තපුරවල ඉඩම් වෙන්කර ව්‍යාපාර ආරම්භ නොකල අය ගැන ආණ්ඩුවෙන් තීරණයක්



කර්මාන්තපුරවල ඉඩම් වෙන්කර එහෙත් මෙතෙක් ව්‍යාපාර ආරම්භ නොකල ව්‍යාපාරිකයින්ට මාස 06ක් ඇතුළත එම ව්‍යාපාර ආරම්භ කරන ලෙස දැනුම්දීමක් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

ඇල්පිටිය කර්මාන්තපුරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළ අතර නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඊට මෙලෙස ප්‍රතිචාර ලබා දුන්නා.