අයවැය කාරක සභා විවාදයේ සිව්වන දිනය වූ අද විවාදයට ගැණුනු බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂය සංශෝදන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතායි.
ඉන් අනතුරුව විවාදයට එක් වූ බලශක්ති අමාත්‍ය ඉන්ජිනේරු කුමාර ජයකොඩි මහතා කියා සිටියේ ඉදිරි දෙවසර තුළ පුනර්ජනනි බලශක්ති ව්‍යාපෘති මඟින් මෙගාවොට් 2,000කට ආසන්න විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර ගැනීමට සැලසුම් කර ඇති බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද විවාදයට එක් වුණා.
අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද විවාදයට එක් වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද විවාදයේදී අදහස් පළ කළා.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විවාදයට එක් වුණේ මෙලෙසයි.
ඉන්ධන මිල සම්බන්ධයෙන් විපක්ෂය මතු කළ චෝදනාවලට පිළිතුරු කතාව සිදු කරමින් බලශක්ති අමාත්‍ය ඉන්ජිනේරු කුමාර ජයකොඩි මහතා මෙලස අදහස් දැක්වූවා.