Tuesday, March 4, 2025

General line - 0115112241

“ජස්ටෙකා” සම්මාන උළෙලට අයදුම්පත් කැඳවේ



ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය විසින් 2025 “ජස්ටෙකා” සම්මාන උළෙල ප්‍රකාශයට පත් කරමින් ඒ සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර තිබෙනවා.

එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත එම සම්මාන උළෙලේදී ඵලදායීතාව හා කාර්යක්ෂමතාව, නවෝත්පාදන සහ ආයතනික සමාජ වගකීම් යන ප්‍රධාන කාණ්ඩ 03ක් යටතේ මෙරට විශිෂ්ටතම ආයතන හඳුනාගනිමින් සම්මාන ප්‍රදානය කිරීමට නියමිතයි.

ඒ සඳහා අයදුම්පත් භාර ගැනීම මාර්තු මස 25 වනදායින් අවසන් වනවා.

ජස්ටෙකාහි නිල වෙබ් අඩවිය හරහා අයදුම්පත් ලබාගත හැකියි.

“ජස්ටෙකා” යනු ජපානය හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය, සහයෝගීතාව හා සංස්කෘතික හුවමාරු ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 1982 වසරේ පිහිටුවන ලද ලාබ නොලබන සංවිධානයක්.

මේ සඳහා අයදුම්පත් ලබාගත හැකි වෙබ් අඩවිය පිළිබඳ තොරතුරු පහත ලින්ක් එක මගින් ලබා ගත හැක.

Click Here ----> JASTECA