Tuesday, March 4, 2025

General line - 0115112241

හිටපු අතිරේක ලේකම් සමන් රත්නායකගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

උදය කුමාර



ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු වන වෛද්‍ය සමන් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නිෂ්ප්‍රභ කළා.

මෙම නියෝගය නිකුත් කළේ ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.