Sunday, March 9, 2025

General line - 0115112241

හිටපු ජනපති රනිල්ගෙන් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයකට චෝදනාවක්



අල්ජසීරා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය සමග තමන් සිදු කළ සාකච්ඡාවක අන්තර්ගත වූ කරුණුවලින් විශාල කොටසක් මාධ්‍යයට නිකුත් කර නොමැති බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරනවා.

පසුගිය පෙබරවාරි මාසයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරය අතරතුර පටිගත කළ එම සම්මුඛ සාකච්ඡාව ඊයේ දිනයේදි එම රූපවාහිනී නාලිකව මගින් විකාශය කර තිබුණා.

එහිදී වැඩසටහන මෙහෙයවූ නිවේදකයා විමසූ ප්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරයා විසින් පිළිතුරු ලබා දීමේදී උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. අදාළ වැඩසටහන සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.