Sunday, March 9, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව ඝාතන නඩුව ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ කැඳවීමට අධිකරණයෙන් තීරණයක්

උදය කුමාර



ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් නව දෙනා සම්බන්ධ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද දිනයේ කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය  නියෝග කර තිබෙනවා.

මීට අදාළ නියෝගය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඊයේ දිනයේදී එම අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වෙත නිකුත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.  

ඊට අවශ්‍යය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින්  බන්ධනාගාර නිලධාරීන්ටද දැනුම්දී තිබෙනවා.

බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී මතු විය හැකි අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය එම දැනුම්දීම සිදුකර තිබෙන බවයි වාර්තා වෙන්නේ.