ඉන්දියාවේ පැවැත්වෙන 'ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්' තරගාවලියේ ඊයේ (6) පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 173ක් රැස් කිරීමට සමත් වුනා
ලකුණු 174ක ජයක්ග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් මාස්ටර්ස්ලාට නියමිත පන්දුවාර 20අවසානයේ කඩුලු 05ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 152ක් පමණයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 15කට කඩුලු 02ක් දවාගැනීමට සමත් විය
මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ තෙවන ජය වන අතර, මෙම ජයත් සමග ඔවුන්ට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා