ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් එක්සත් රාජධානියේ නිල සංචාරයේදී එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාමර් හමුවී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ඉදිරියට ගෙනයාම පිළිබඳව සාකච්ඡා කළේය.
එහිදී ඔවුන් යුක්රේන ගැටුම පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බව ජයිශංකර් සිය නිල X ගිණුමේ පළ කර තිබේ.
මෙම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් ද හමුවිය.
එහිදී ද්විපාර්ශ්වික, ආර්ථික සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සහ මිනිසුන් හුවමාරු කර ගැනීම සඳහා ජනතාව වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
මෙම හමුවේදී දෙරට අතර අවසන් අදියරේ සාකච්ඡාවල පවතින නිදහස් වෙළඳ ගිවිසුම සබ්බන්ධයෙන් ද අවධානය යොමු වූ බව සඳහන්.