ඉකුත්දා කොටහේන ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මරණයට පත් වූ පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණය ලබන 14 වනදා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
එදිනට මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් පොලිසියට නියම කළා.
මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනකු මරණයට පත් වූ බවයි.
ඊට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එහිදී ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී පොලිසිය ප්‍රකාශ කළේ මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන නොමැති බවයි.