පොල් වගාව වැඩිදියුණු කිරීමේ අරමුණින් පොල් බීජ මිලියන 2.5ක් මෙම වර්ෂය සඳහා නිෂ්පාදනය කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
මෙම වසරේ අක්කර 36,000ක් අලුතෙන් වගා කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඉන් අක්කර 16,000ක් උතුරු පොල් ත්‍රිකෝණයටත් ඉතිරි අක්කර 20,000 අනෙකුත් ප්‍රදේශවලටත් අයත් වන බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.