ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.
‘තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක්’ යන්න මෙවර කාන්තා දිනයේ තේමාවයි.
මෙරට සමාජය ක්‍රමානුකූලව වෙනස් වෙමින් පැවතියද පුරුෂ මූලික සමාජ ලක්ෂණ තවමත් වැඩි වශයෙන් දැකිය හැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මොහොමඩ් මහීෂ් මහතා පෙන්වා දෙන්නේ.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කාන්තාවන් පිළිබඳ සානුකම්පිතව සැලකීම වෙනුවට අනාතගය උදෙසා කාන්තාවන්ට නැගී සිටිය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවයි.