Monday, March 10, 2025

General line - 0115112241

ලංකා බැංකුවෙන් තවත් සමාජ සත්කාරක වැඩසටහනක්



මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිසංස්කරණය කරන ලද සායනික ගොඩනැගිල්ල රෝගීන් වෙනුවෙන් යළි භාර දී තිබෙනවා.

ලංකා බැංකුවේ මානුෂීය භාර අරමුදල සහ ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය එක්ව එම සමාජ සත්කාරක වැඩසටහන සිදු කළා.

අදාළ සායනික ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 15ක්.

නිරෝගී ජාතියක් බිහි කිරීමේ උතුම් පරමාර්ථය පෙරදැරි කරගෙන ජාතියේ මහා පහන් ටැඹ වන ලංකා බැංකුව එම සත්කාරයට දායක වී තිබෙනවා.