බටලන්ද කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ එම වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ අතර බස් රථ සැරසිලි සහ මොඩිෆිකේෂන් හේතුවෙන් මගී බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම අධ්‍යනය කර ඒ සම්බන්ධයෙන් විදිමත් ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහනවල නිර්මාණය වෙනස් කිරීම සහ වාහන විකරණය කිරීම සිදු කළ හැකියි.