ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි ඉන් පිටව ගොස් තිබෙනවා.
ඒ, පැය 07කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් කරුණු විමසීමකට අදාළව උන්වහන්සේට මෙම කැඳවීම සිදුකර තිබූ බවටයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩිශාන් ගුණසේකර මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ දිනයේදී පැමිණියා.
මේ අතර අද පාර්ලිමේන්තුවේදී ද මෙම සිද්ධිය පාදක කර ගනිමින් අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.