Saturday, May 3, 2025

General line - 0115112241

ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ ගුවන් මගියා අත්අඩංගුවට

ටී කේ ජී කපිල



ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට එම ගුවන් මගියා විසින් ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීම හේතුවෙන්.

ඔහු ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී අධික ලෙස මත්පැන් පානය කර තිබෙනවා.

පොලීසිය විසින් සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබූ අතර එහිදී ඔහු මත්පැන් පානය කර ඇති බවට කරුණු සනාථ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු ස්වීඩනයේ සහ යාපනය, නාගද්වීපය ප්‍රදේශයේ පදිංචි ද්විත්ව පුරවැසිභාවය හිමි 65 හැවිරිදි පුද්ගලයෙක්.