මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ආසන සංවිධායක නන්දසේන සෙල්ලහේවා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සදහා සමගි ජන බලවේගය හා එක් වී තිබෙනවා.
ඒ මහතා මාතර නගරයේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙකු වන අතර මේ අවස්ථාව සදහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සමගි ජන බලවේගයේ මාතර ආසන සංවිධායක බිමල් ජයසිරි මහතාද එක්වුණා.