Sunday, April 13, 2025

General line - 0115112241

දේශපාලකයින්ට පාසැල් තහනම්ද? - ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්



පාසල්, දේශපාලන කටයුතු සඳහා යොදා නොගත යුතු බවට වන ආණ්ඩුවේ ස්ථාවරයේ වෙනසක් නොමැති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.

එහෙත් දේශපාලඥයින්ට පාසල්වලට ඇතුළුවීම තහනම් කිරීමේ තීරණයක් ගෙන නොමැති බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදනෙකු පසුගියදා පාසල්වල පැවති උත්සව සඳහා සහභාගී වී සිටි ආකාරය දක්නට ලැබුණා.

එය පදනම් කර ගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළේ පාසල්වලට දේශපාලඥයින්ට ඇතුළුවීමට තහනමක් පනවා නැද්ද? නොඑසේ නම් එලෙස ක්‍රියාකළ හැක්කේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පමණක්ද යන්නයි.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. ඊට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.