Sunday, April 13, 2025

General line - 0115112241

කොළඹ මහනගර සභාව ගැන එජාපයේ යෝජනාවට සජබ පිටුපායි



සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්නේ දුරකතනය ලකුණෙන් පමණක් බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ පිරිසට අවශ්‍ය නම් තම පක්ෂය හා එක්ව තරඟ කළ හැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. 

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇතැයි කියන තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී සමගි ජන බලවේගයේ මහලේකම්වරයා මේ බව කියා සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා මාධ්‍ය වෙත පැවසුවේ කොළඹ මහනගර සභාවට පොදු ලකුණක් යටතේ තරඟ කිරීමට තවදුරටත් උත්සහ දරන බවයි.