අයහපත් කාලගුණය හේතුවෙන් පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වී තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගය පිළිසකර කර නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඒ අනුව ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට ගමන් කළ හැකියි.
වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් කිරීමේදී වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින බවයි පොලීසිය පැවසුවේ.