Tuesday, April 15, 2025

General line - 0115112241

මත්පැන්වලට ජලය කලවම් කළ රටබීම අලෙවිසැළක බලපත්‍රය අත්හිටුවයි



හැටන්, ආගරපතන ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද රට බීම සිල්ලරට විකිණීමේ බලපත්‍ර ස්ථානයක වැටලීමක් සිදු කර තිබෙනවා.

ඒ, සුරාබදු කොමසාරිස්වරයාට ලද තොරතුරක් අනුව මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින්.

එහිදී මත්පැන් බෝතල්වලට ජලය කලවම් කළ මිලි ලීටර් 750 බෝතල් 51ක්, මිලි ලීටර් 375 බෝතල් 48ක් සහ මිලි ලීටර් 180 බෝතල් 07ක් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

එහි විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ ස්ථානයේ බලපත්‍ර අත්හිටුවා මුද්‍රා තැබීමටද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.