Saturday, March 15, 2025

General line - 0115112241

පිහියක් පෙන්වා සිසුවෙකුගෙන් මුදල් ඉල්ලු පුද්ගලයෙකුට අත්වූ ඉරණම



නුගේගොඩ, නාලන්දාරාම පාරේ ඇවිදින මන්තීරුව තුළ වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම පුද්ගලයා කොහුවල, මල්වත්ත පාර ප්‍රදේශයේදී උපකාරක පන්තියක් සඳහා යමින් සිටි සිසුවෙකුට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා රුපියල් 3,000ක මුදලක් ඉල්ලා ඇති බවයි.

බියට පත් වූ එම සිසුවා අදාළ මුදල ලබාදීමෙන් අනතුරුව කෑගසා තිබෙනවා.

අවට සිටි කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණීමත් සමඟ අදාළ පුද්ගලයා ඔහු ලබාගත් මුදලද විසිකර දමා එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් හිසෙහි කැපුම් තුවාල ද සහිතව ඔහු නාලන්දාරාම පාරේ ඇවිදින මන්තීරුවේ වැටී සිටියදී සොයාගෙන තිබෙනවා.

රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය එම පුද්ගලයාගේ අන්‍යන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.