Tuesday, March 18, 2025

General line - 0115112241

වන සත්ව සංගණනය විහිලුවට ලක් කළ යුත්තක් නොවන බව විපක්ෂ නායක කියයි



වන සත්ව සංගණනය විහිලුවට ලක් කළ යුත්තක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, පරිසර අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට ඊයේ එක්වෙමින්.

මේ අතර පරිසර අමාත්‍යංශයට අමතරව බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් ද ඊයේ දිනයේදී කාරක සභා අවස්ථාවේ විවාදයට ගැණුනා.

එම විවාදයට එක් වූ බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය සුනිල් සෙනෙවි මහතා පැවසුවේ මෙවර ජාතික වෙසක් උත්සවය නුවරඑළිය නගරය කේන්ද්‍ර කර ගනිමින් වෙනස් ආකාරයකට පැවැත්වෙන බවයි.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය අදයි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන, තරුණ කටයුතු සහ ක්‍රීඩා යන අමාත්‍යංශවල වැය ශීර්ෂ අද දිනයේ විවාදයට ගැනෙනවා.