ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර, පසුව අත්හැර දැමූ ඩොලර් බිලියන 1ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉකුත් පෙබරවාරි මාසයේදී අදානි සමාගම පැවසුවේ මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වන බවයි.
කෙසේවෙතත් ගාස්තු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණීමට ඉඩ ඇති බැවින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව ආරංචි මාර්ග පවසනවා.
වසර 20ක කාලයකට විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම සඳහා අදානි සමාගම මුලින් යෝජනා කර තිබුණේ ඩොලර් ශත 8යි ශත 26ක මුදලක්.
එහෙත් ශ්‍රී ලංකාව යෝජනා කර තිබුණේ කිලෝවොට් පැයකට ඩොලර් ශත 5ත් 6ත් අතර මුදලක් පමණයි.
අදානි සමාගම දැන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7 කට එකඟ වී ඇති බවටද එම වාර්තාවල සඳහන්.
ඊට එකඟ වන්නේ නම් ව්‍යාපෘතියේ වැඩ කටයුතු ජුනි මස මුලදී ආරම්භ කළ හැකි බව අදානි සමාගම පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
ව්‍යාපෘතියෙන් ඉවත්ව යන විටත් ඒ වෙනුවෙන් දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 5 ක් වියදම් කර ඇති බවයි අදානි සමාගම පැවසුවේ.
ඒ, මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක පුනර්ජනනීය බලශක්ති සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහායි.